2023 වසරට සෙත්පතා 2023 ජනවාරි 01 දින සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන බැංකු මහසංගම් කාර්යාල හා ක්ෂේත්‍ර නිලධාරී සංගමයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී 2023 වසරේදී සංගමයේ සියළුම කටයුතු සාර්තක වේවා යන අදිෂ්ඨානයෙන් හා සමස්ත සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සියළු දෙනාට ලැබුවාවූ අවුරුද්ද නිරෝගී සම්පත පිරි අවුරුද්දකට ආසිරි පතමින් සෙත් පිරිත් සජ්ජායනාමය පිංකමක් පවත්වන ලදී

2021.2.23 දින අති ගරු ජනාධිපති තුමන් සමග දීර්ග ලෙස වුර්තිය ගැටළු ජනාධිපති කාර්යාලයේ දි සාකච්චා කල අතර (2014 අන්තර් ග්‍රහණය කල නව සේවක වැටුප, පෙර දාතම ගෙවීම්, කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර අති සේවක සංයුතිය අනුමත වීමේ ප්‍රමාදය සහ ඒකාබද්ද අමාත්‍ය පත්‍රිකා යොමු කිරීමේ අවශ්‍ය තාවය පිලිබදව සහ දිවි නැගුම පනතේ බලතල ක්‍රියාත්මක කිරීමේ වැදගත් කම පිලිබදව ජනාධිපති තුමන් දැනුවත් කිරීමට හැකිවූ අතර සැම මාස 3වරක් එතුමා හමුවී නොවිසදුන ගැටළු ඉදිරි පත් කිරීමට අවස්ථාව සලසා දෙන බවද සදහන් කරුණු ලැබූ බව සතුටින් දන්වමි

සංගමයේ නිළ වෙබ් අඩවිය අද්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි රත්නායක මහතාගේ සුරතින් සංගමයේ ප්‍රධාන නිලධාරීන් ගේ සහ විධායක සබිකයින්ගේ සහබාගීත්වයෙන් විවුර්ත විය. මේ සදහා මහනුවර ජනමාද්‍ය වේදීන් වන කමල් සුරව්ර, අසේල කුරුලු වංශ, අසංක, දම්මික ගුණවර්ධන, සමන්ති වීරසේකර යන මහත්ම මහත්මින් මාද්‍ය ආවරණ ය ලබා දුන් බව ද සිහිපත් කරමු

Scroll to Top